තෙල්දෙණිය – පන්විල, නකල්ස්වත්ත ප්‍රදේශයේ දිය ඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් පස්දෙනෙකු අතුරින් දෙදෙනෙකු “සෙල්ෆි” ඡායාරූපයක් ගැනීමට යාමේදී අවාසනාවන්ත ලෙස බෑවුමකින් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය සඳහන් කළේ මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇත්තේ වයස අවුරුදු 13 සහ 14 යන වයස්වල පසුවූ සිසුන් දෙදෙනෙකු බවයි. සිදුවීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.















