චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්රීඩා ශූරතාවලියේදී ශ්රී ලංකා යොවුන් මලල ක්රීඩක අයෝමාල් අකලංක රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය. ඔහු මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර 49.03කින් නිමා කරමින් මෙම ජයග්රහණය වාර්තා කළේය.
මෙම ජයග්රහණයත් සමඟ වසර 26ක් පැරණි ශ්රී ලංකා වාර්තාවක් අලුත් කිරීමටද අකලංක සමත් විය. මීට පෙර මෙම ඉසව්වේ ශ්රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ ප්රවීණ මලල ක්රීඩක හරිජන් රත්නායකයි. ඔහු 2000 වසරේ අගෝස්තු 31 වැනිදා ජකර්තා නුවර පැවැති ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී තත්පර 49.44ක කාලයකින් එම වාර්තාව පිහිටුවා තිබුණි.
















