ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මෙරට විදෙස් සංචිත ප්‍රමාණය පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.
එම වාර්තාවේ සඳහන් වන පරිදි, ජුනි මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ පැවති දළ විදෙස් සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,450ක් ලෙස සටහන් වේ. මැයි මාසයේ පැවති ඩොලර් මිලියන 6,881ක සංචිත ප්‍රමාණය හා සැසඳීමේදී මෙය අමෙරිකානු ඩොලර් මිලියන 431ක දැවැන්ත පහත වැටීමකි.
විදෙස් සංචිතවල සිදුවූ මෙම පසුබෑම රටේ ආර්ථික දර්ශක සහ විදේශ විනිමය කළමනාකරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාධකයක් ලෙස ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙයි.
















