සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් සිය සුපර් බෝල් ලොතරැයිය ඔස්සේ “මෙගා චාන්ස්” නමින් විශේෂ ලොතරැයිපතක් අද (11) වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. රුපියල් 40ක් වටිනා මෙම ලොතරැයිපත නිල වශයෙන් හඳුන්වා දීම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරිණි.
පසුගියදා අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් රුපියල් කෝටි 13කට අධික සුපිරි ජයමල්ලක් දිනාගත් වාසනාවන්තයෙකු බිහිකළ සුපර් බෝල් ලොතරැයිය හරහා පාරිභෝගිකයන්ට තවත් සුවිශේෂී ජයග්‍රාහී අවස්ථා රැසක් උදාකර දීම මෙම නව ලොතරැයිපතෙහි අරමුණයි.
මෙම විශේෂ ලොතරැයිපත තුළින් හිමිවන අමතර ත්‍යාගයන් අතර ලොතරැයිපතේ ඉදිරිපස ඇති අංක 06කින් යුත් විශේෂ අංකය ගැළපීමෙන් රුපියල් ලක්ෂයක මුදල් ත්‍යාගයක් ද, අංක 05කින් යුත් විශේෂ අංකය ගැළපීමෙන් රුපියල් පනස් දහස බැගින් වූ මුදල් ත්‍යාග ද දිනාගත හැකිය. මීට අමතරව පවතින දිනපතා රුපියල් 25,000ක මුදල් ත්‍යාගයද මෙම ලොතරැයිපත සඳහා ක්‍රියාත්මක වේ.
මෙම විශේෂ ත්‍යාගයන් ප්‍රධාන දිනුම් ඇදීමේ ත්‍යාගවලට අමතරව පිරිනමනු ලබන අතර, සුපර් බෝල් “මෙගා චාන්ස්” විශේෂ දිනුම් ඇදීම එළඹෙන ජූලි මස 28 වන අඟහරුවාදා දින පැවැත්වීමට නියමිතය.
















