• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආයුර්වේද සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කළා – රාජ්‍ය අමාත්‍ය සිසිර

3 February 2024
in දේශීය, පුවත්
ආයුර්වේද සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කළා – රාජ්‍ය අමාත්‍ය සිසිර

ආයුර්වේද සංස්ථාව 2023 වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

මෙම ලාභය 2017 වසරින් පසු ලැබූ ඉහළම ලාභය බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ආයුර්වේද සංස්ථාවේ නව කළමනාකාරීත්වයේ කැපවීම තුළින් මෙම ලාභය වාර්තා කිරීමට හැකි වූ බව ද සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා “ 76 වන ජාතික නිදහස් දිනයට සමගාමීව දිවයින පුරා ඔසුපැළ දස ලක්ෂයක් වගා කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. මෙම වැඩසටහනෙහි පළමු අදියර අද (02) සිට ආරම්භ වුණා. ඒ අනුව මෙම වැඩසටහන ලබන අප්‍රේල් මස 07 වැනිදා දක්වා ක්‍රියාත්මක වෙනවා. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙය ආරම්භ කර තිබෙනවා. මෙම ජාතික වැඩසටහන දිවයින පුරා පිහිටි සියලුම ග්‍රාම නිලධාරි වසම් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. අප රටේ ඖෂධ බහුලව පවතිනවා. නමුත් දීර්ඝ කාලයක් තිස්සේ දේශීය ඖෂධ ආනයනය කරමින් සිටිනවා. ඒ නිසාම වාණිජ කර්මාන්තයක් ලෙස සලකමින් දේශීය ඖෂධ රෝපණය කිරීමට පියවර ගනු ලැබූ බව කිව යුතුයි. විශේෂයෙන්ම ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ආනයනික අමුද්‍රව්‍යවල මිල ගණන් ද ඉහළ ගොස් තිබෙනවා. ඒ සඳහා වැය වන මුදල ඉතිරි කර ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙනවා. ඇතැම් ප්‍රදේශවල රජයට අයත් හිස් ඉඩම් තිබෙනවා. එම ඉඩම්වල ඖෂධ වගා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වැඩි වැටුප් ඉල්ලා උද්‌ඝෝෂණ කරන රාජ්‍ය සේවකයන් සිටිනවා. ඔවුන් ඖෂධ වගා කළහොත් ලබන වැටුපට වඩා වැඩි මුදලක් ලබාගත හැකියි. මේවා වාණිජ වශයෙන් වගා කිරීමට රාජ්‍ය සේවකයන්ටත් අවස්ථාව පවතිනවා. පසුගිය කාලය තුළ පාඩු ලැබූ ආයුර්වේද සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ නිසා පාඩු ලබමින්, රජයට බරක් වූ ආයතනයක් ලාභ ලබන තත්ත්වයකට පත් කරමින් අපි රටට ආදර්ශයක් ලබාදී තිබෙනවා. ආයුර්වේද සංස්ථාව තුළ ඇති කළ නව කළමනාකාරීත්වය මේ ලාභ ලබන තත්ත්වය ඇති කළ බව කිව යුතුයි. ඒ වගේම අපේ සංචාරක කේෂ්ත්‍රයට වැඩි ආදායමක් ලබාදීමේ අරමුණ ඇතිව පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය වැඩිදියුණු කළ යුතුයි. රටේ පවතින සංචාරක හෝටල්වලින් උපරිම ලාභයක් ලබා ගැනීමට දේශීය වෛද්‍ය ක්‍රමය ඒකාබද්ධ කිරීම තුළින් හැකියාව ලැබෙනවා. අපේ රටට පැමිණෙන සංචාරකයන් අඩු මුදලක් තමයි වියදම් කරන්නේ. ඇතැම් විට ඔවුන් තෝරාගත් ස්ථානයකට වරක් දෙවරක් පැමිණියත් නැවත පැමිණෙන්නේ නැහැ. නමුත් ආයුර්වේදමය ප්‍රතිකාර වෙනුවෙන්, දේශීය චිකිත්සක ක්‍රමය වෙනුවෙන් මෙලෙස පැමිණෙන සංචාරකයන්ව හුරු කළහොත් ඔහුට හෝ ඇයට ප්‍රතිකාර ලබා ගැනීමට හය හත් වතාවක්වත් මෙරටට පැමිණීමට සිදු වෙනවා. ඒ තුළින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා. සෞඛ්‍යයට හිතකර හරිත ආහාර සංස්කෘතියක් දේශීය වෛද්‍ය ක්‍රමය තුළ පවතිනවා. අප ඒ දේවල් ද එක්කරගත යුතුයි. ඒ ආකාරයට දේශීය වෛද්‍ය ක්‍රමය මූලික කරගෙන අපේ සංචාරක කේෂ්ත්‍රය ඉදිරියට ගෙන යෑම තුළින් රටේ ආර්ථිකය නඟාසිටුවීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදිය හැකියි.මෙහි මූලික අදියර තබමින් ආයුර්වේද සංස්ථාව තුළ ‘බොඩිමන්ත්‍ර’ විශේෂ ආයුර්වේද සම්බාහන ක්‍රමයක් ඇති කරමින් සිටිනවා. විවිධ රටවල්වලට ආවේණික විවිධ සම්බාහන ක්‍රම පවතිනවා. නමුත් අපේ සම්බාහන ක්‍රමය දේශීය ආයුර්වේද ක්‍රමය තුළින් විවිධ රෝග නිවාරණය කිරීමටත් හැකියාව පැවතීම විශේෂත්වයක්. ඒ නිසා මේ සම්බන්ධවත් අප අවධානය යොමු කර තිබෙනවා යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 567
Previous Post

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

Next Post

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය කොළඹ වරායට සේන්දු වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය කොළඹ වරායට සේන්දු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved