රුසියාවේ ප්‍රධානතම කුලී ගුවන් සේවාවක් වන ‘Azur Air’, 2026/2027 ශීත ඍතු සමය සඳහා ශ්‍රී ලංකාව වෙත සෘජු ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
‘Russian Travel Digest’ වාර්තාවකට අනුව, වසරක පමණ විරාමයකින් පසු ලබන නොවැම්බර් 2 වැනිදා සිට මෙම ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය. රුසියානු සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම ඉලක්ක කරගත් මෙම පියවර හරහා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල වර්ධනයක් අපේක්ෂා කරන අතර, මීට අමතරව ‘Aeroflot’ සහ ‘S7 Airlines’ යන ගුවන් සේවද මෙම ශීත ඍතු සමයේදී ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.


















