ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්යාංශය හා ජාතික ප්රජා ජල දෙපාර්තමේන්තුවේ ‘ජන දිය සම්පත’ වැඩසටහන යටතේ බදුල්ල දිස්ත්රික්කයේ ක්රියාත්මක කළ ප්රජා ජල ව්යාපෘති 6ක් ජනතා අයිතියට පත් කර තිබේ. ඒ අනුව බණ්ඩාරවෙල, පස්සර සහ හාලිඇල ප්රදේශවල ජල යෝජනා ක්රම ජනතා අයිතියට පත් කර ඇති බව වාර්තා වේ.
ඒ යටතේ හාලිඇල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොරේතොට වසමේ ශාන්ත ජේම්ස් ඉහළ කොටස ප්රජා පානීය ජල යෝජනා ක්රමයද විවෘත කර තිබේ. වාර්තාවට අනුව රුපියල් මිලියන 1.7ක මූල්ය ප්රතිපාදන යටතේ ඉදිකර අවසන් කළ මෙම ව්යාපෘතියෙන් ශාන්ත ජේම්ස් වත්තේ පවුල් 155කට පිරිසිදු හා සුරක්ෂිත පානීය ජල පහසුකම් සැලසීමට නියමිතය.
මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය දිනිඳු සමන් හෙන්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. නියෝජ්ය අමාත්යවරයා සඳහන් කර ඇත්තේ ශාන්ත ජේම්ස් වතු ජනතාව මුහුණ දුන් මූලික යටිතල පහසුකම් ගැටලු විසඳීම සඳහා සංවර්ධන කටයුතු ක්රියාත්මක කරමින් පවතින බවයි.















