ජාතික ආරක්ෂාව සහ ආයතනික තොරතුරු ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමඟ එක්ව ක්‍රියාත්මක කරන දිවයින පුරා පොලිස් කොට්ඨාස දැනුවත් කිරීමේ සයිබර් ආරක්ෂණ වැඩමුළු මාලාවේ බදුල්ල කොට්ඨාස වැඩමුළුව පසුගියදා (17) සාර්ථකව පවත්වන ලදී.
බදුල්ල කොට්ඨාසයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්, ස්ථානාධිපතිවරුන්, අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් සහ පරිගණක ක්‍රියාකරුවන් ඇතුළු 108 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩමුළුවේදී ශ්‍රී ලංකා CERT ආයතනයේ නිලධාරීන් සහ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් දේශන පැවැත්වූ අතර, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි නියෝජ්‍ය පොලිස්පතිනී නිෂානි සෙනවිරත්න සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.ජී. ලක්සිරි ගීතාල් යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් මෙම වැඩමුළු මාලාව දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.















