ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත් වූ චීන තානාපති Wei Huaziang මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා අතර හමුවක් අද (22) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර දිගුකාලීන සබඳතා හා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම ඇතුළු දෙරටට වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවට චීනය අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සිය ස්තූතිය පළ කළ අතර, කොළඹ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක Senior Colonel Fu Xiao මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
















