බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ස්ථිර අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය ඒ.එම්.ටී.කේ. අත්තනායක මහතා ඊයේ (18) නිල වශයෙන් සිය රාජකාරි කටයුතු ආරම්භ කර තිබේ. මීට පෙර මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස (2020-2024) කටයුතු කරමින් එම දිස්ත්‍රික්කයේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක නංවාලීමේ ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘති මෙන්ම සුවනාරි සායන ජාලය ජාතික මට්ටමෙන් ඇගයීමට ලක් කිරීමට ඒ මහතා සුවිශේෂී නායකත්වයක් ලබා දුන්නේය. පසුව 2024 වසරේදී බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස ස්ථාන මාරුවීම් ලැබූ ඒ මහතා, කෙටි කලක් තුළ බදුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත සෞඛ්‍ය පද්ධතියම නංවාලීමට විශාල කාර්යභාරයක් ඉටු කළේය. ඔහු සතු වෘත්තීය නිපුණතාව, පරිපාලන දක්ෂතාව සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා දක්වන ලද අප්‍රතිහත කැපවීම අගයමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඒ මහතා මෙලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථිර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත.
















