බදුල්ල ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් සොරණාතොට, පතනවත්ත – තැන්නපංගුව මාර්ගයේ 10 කණුව ප්‍රදේශයට පස්කඳු කඩා වැටීම නිසා එම මාර්ගයේ රථවාහන ධාවනය අද (අප්‍රේල් 21) රාත්‍රියේ සිට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.
දිට්වා සුළි කුණාටුව පැවති සමයේ නායයාමට ලක්වූ මෙම ස්ථානය, පවතින වර්ෂාවත් සමඟ යළිත් මෙලෙස පස්කඳු කඩා වැටීමට ලක්ව ඇති බව කන්දේගෙදර පොලිසිය පවසයි. මාර්ගයට වැටී ඇති පස් සහ බාධා ඉවත් කිරීමේ කටයුතු හෙට (අප්‍රේල් 22) දින සිදු කිරීමට සැලසුම් කර ඇති බව ඌව පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.













