පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇති නව සටන් විරාම සාකච්ඡා වටයට සහභාගී වීම සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර දැනට ක්‍රියාත්මක සති දෙකක තාවකාලික සටන් විරාමය හෙට (අප්‍රේල් 22) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබියදී මෙම ප්‍රකාශය නිකුත් වී ඇත. සාකච්ඡා සඳහා සහභාගී වීම පිළිබඳව තවමත් සලකා බලමින් පවතින බව ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
කලාපීය නිලධාරීන් මීට පෙර අපේක්ෂා කළේ බදාදා දිනයේදී ඉස්ලාමාබාද්හිදී දෙපාර්ශවය අතර තීරණාත්මක සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි. ඉරානයේ මෙම ප්‍රමාදය හේතුවෙන් කලාපීය ආරක්ෂාව සහ ඉදිරි සාමය පිළිබඳව යළිත් අවිනිශ්චිතතාවයක් මතුව තිබේ.













