බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ සිට බගවන්තලාව නගරය දක්වා ධාවනය වූ වෑන් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී එම වතුයායේ දළු මඩුවක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (28) පස්වරු 5.00ට පමණ සිදුවූ අනතුරින් දළු මඩුව අසල වාඩි වී සිටි වතුකම්කාර කාන්තාවක් වෑන් රථයේ ගැටී බරපතළ තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ කාන්තාව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කළා.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (29) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව බගවන්තලාව පොලිසියේ රථවාහන අංශය පැවසුවා.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














