බණ්ඩාරවෙළ නගරයේ පිහිටි ප්‍රධාන එළවළු තොග වෙළෙඳ මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොළක් වටලා සැකකරුවන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බණ්ඩාරවෙළ පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (23) අලුයම සමත්ව තිබේ. බණ්ඩාරවෙළ පොලිස් විශේෂ ඒකකයේ නිලධාරීන්ට ලැබුණු විශ්වාසවන්ත බුද්ධි තොරතුරකට අනුව මෙම හදිසි වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සූදු කෙළිය සඳහා යොදාගත් මුදල් සහ තවත් උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
දිවා කාලයේ එළවළු වෙළෙඳාම් කටයුතු සිදුවන මෙම පොදු ස්ථානය රාත්‍රී කාලයේදී මෙලෙස නීතිවිරෝධී ජාවාරම් සඳහා යොදාගෙන තිබූ අතර, අත්අඩංගුවට පත් සැකකරුවන් සියලු දෙනා බණ්ඩාරවෙළ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිස අද දින බණ්ඩාරවෙළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර බණ්ඩාරවෙළ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.














