රජය නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා වැඩිමිලට කීරි සම්බා සහල් අලෙවි කළ බණ්ඩාරවෙල ප්‍රදේශයේ වෙළෙඳසැලකට රුපියල් ලක්ෂ දෙකක (200,000) දඩ මුදලක් ගෙවන ලෙස බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කළේය.
දේශීය කීරි සම්බා සහල් කිලෝවක් සඳහා රජය පනවා ඇති උපරිම සිල්ලර මිල (MRP) රුපියල් 260ක් වන අතර, ඒ අනුව කීරි සම්බා කිලෝ 5ක සහල් මල්ලක් විකිණිය යුත්තේ රුපියල් 1300ක මුදලකටය. එහෙත්, මෙම වෙළෙඳසැල විසින් කිලෝ 5ක සහල් මල්ලක් රුපියල් 1750ක මිලකට අලෙවි කරමින් පාරිභෝගිකයෙකුගෙන් රුපියල් 450ක වැඩිපුර මුදලක් අයකර ගෙන තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ (CAA) බදුල්ල දිස්ත්‍රික් විමර්ශන නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, අධිකරණය හමුවේ වරද පිළිගැනීම නිසා වෙළෙඳසැල් හිමිකරුට මෙලෙස බරපතල දඩ මුදලක් නියම විය.
















