බණ්ඩාරවෙල, අඹදන්ඩේගම පිහිටි කලුවල දියඇල්ලේ මිතුරන් පිරිසක් සමඟ අද (20) පස්වරුවේ දියනෑමට ගිය තරුණයෙකු දියඇල්ලෙන් පහළට ඇදවැටී බරපතළ තුවාල ලබා තිබේ. අනතුරට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල, බිඳුනුවැව, මීරියගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකි.
මොහු මිතුරන් පස්දෙනෙකු සමඟ දියඇල්ලේ දියනෑමට ගොස් ඇති අතර, එහිදී ලිස්සා යාම හේතුවෙන් දියඇල්ලෙන් පහළට වැටී ඇති බව ලියන්ගහවෙල පොලිසිය සඳහන් කරයි. අනතුරෙන් පසු ප්‍රදේශවාසීන් එක්ව තරුණයා බේරාගෙන ඉහළට ගෙනවිත් ඇති අතර, පසුව ‘සුවසැරිය’ ගිලන් රථයක් මඟින් ඔහුව දියතලාව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.














