තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි තැබෑරුමක අද (13) අලුයම හටගත් හදිසි ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට බලධාරීන් තහවුරු කරයි.
තායිලන්ත අගමැති අනුටින් චාන්විරකුල් මහතා එම ස්ථානයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ගින්න පාලනය කිරීමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂණවලදී මළ සිරුරු 27ක් සොයා ගැනීමට හැකි වූ බවයි. එමෙන්ම ගින්නෙන් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටිති.
මෙම මාරක ගින්න ඇති වීමට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇත.
















