රජය විසින් විදෙස් ආධාර මත මෙරටට ගෙන්වා ගොවි ජනතාවට නොමිලේ බෙදා දීමට නියමිතව තිබූ රුපියල් ලක්ෂ 28කට අධික වටිනාකමකින් යුත් පොහොර තොගයක් රහසිගතව විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් 08 දෙනෙකු දිවුලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරියෙකු ද සිටින බව පොලීසිය පවසයි. කිලෝ 50 බැගින් වූ පොහොර මිටි 348ක් මෙලෙස මරඳගහමුල ප්‍රදේශයේ පොහොර ඇසුරුම් මධ්‍යස්ථානයකට විකුණා ඇති අතර, එම මධ්‍යස්ථානයේ ගබඩා භාරකරුගේ ද සහාය මෙම ජාවාරම සඳහා ලැබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
දිවුලපිටිය පොලීසියට ලද රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පොහොර සොරකම අනාවරණය කර ගැනීමට හැකි විය. සැකකරුවන් කුරුණෑගල, ගිරිඋල්ල සහ මීරිගම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් දිවුලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















