මෙම වසරේ මුල් මාස හය (ජනවාරි සිට ජූනි දක්වා) තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එම වාර්තා පෙන්වා දෙන්නේ, මෙම කාල සීමාව තුළ ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය රුපියල් බිලියන 1462.9ක් බවයි. මෙය පසුගිය වසරේ (2025) එම කාල සීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 1113.2ක අගය හා සැසඳීමේදී සියයට 31.4ක වර්ධනයකි.
















