මෙම වසරේ පළමු මාස 6 ඇතුළත බංග්ලාදේශයේ සුළුතර ප්‍රජාව ඉලක්ක කරමින් ප්‍රචණ්ඩ ක්‍රියා සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් 824ක් සිදුවී ඇතැයි එරට සුළුතරයන් සඳහා වන මානව හිමිකම් කොංග්‍රසය නිකුත් කළ නිල වාර්තාවකින් හෙළිවී තිබේ.
දිස්ත්‍රික්ක 64කින් 63කම ව්‍යාප්ත වී ඇති මෙම සිදුවීම් අතර ඝාතන සහ අබිරහස් මරණ 168ක්, පැහැරගැනීම් සහ ශාරීරික වධහිංසා 223ක්, ලිංගික හිංසන හා ස්ත්‍රී දූෂණ 41ක්, දේවස්ථානවලට පහරදීම් 141ක් සහ දේපළ කොල්ලකෑම් හෝ ගිනි තැබීම් 234ක් වාර්තා වී ඇත. මෙම ප්‍රහාර අහඹු ලෙස සිදුවූවක් නොව සංවිධානාත්මක කණ්ඩායම් විසින් චේතනාන්විතව සිදුකර ඇති බව පෙන්වා දෙන එම කොංග්‍රසය, සුළුතර ප්‍රජාව මුහුණ පාන අනාරක්ෂිතභාවය තවදුරටත් පවතින බවත් වරදකරුවන්ට එරෙහිව දැඩි පියවර ගැනීම රජයේ වගකීමක් බවත් අවධාරණය කර තිබේ.














