පසුගිය ජුනි 28 වන දින කඩා වැටුණු මඩකලපුවේ ‘පුතු පාලම’ (Puthu Paalam) කඩිනමින් ප්‍රතිසංස්කරණය කර අද (10) දින සිට යළි මහජන ප්‍රවාහනය සඳහා විවෘත කර තිබේ. කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා මේ බව තහවුරු කළේය.
මෙම පාලම කඩිනමින් අලුත්වැඩියා කිරීම සඳහා දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී කටයුතු කළ රාජ්‍ය නිලධාරීන්, ඉංජිනේරුවන්, සේවක මහතුන් සහ ප්‍රදේශවාසීන්ට අමාත්‍යවරයා සිය ස්තූතිය පිරිනමයි. මෙම පාලම යළි විවෘත කිරීමත් සමඟ මඩකලපුව ප්‍රදේශයේ ජනතාවගේ දෛනික ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














