ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (10) දිනයේදී තරමක් අගය වැඩි වී තිබේ. ඒ අනුව, බොහෝ බැංකු වල ඩොලරයක විකුණුම් මිල රුපියල් 340ක මට්ටමට පහත වැටී ඇත.
සෙලාන් බැංකුවේ ගැනුම් මිල රුපියල් 331.00 ක් සහ විකුණුම් මිල රුපියල් 340.25 ක් ලෙස දැක්වේ. එන්.ඩී.බී. (NDB) බැංකුවේ ගැනුම් මිල රුපියල් 331.25 ක් සහ විකුණුම් මිල රුපියල් 340.25 ක් ලෙස සටහන් වේ. මහජන බැංකුවේ ගැනුම් මිල රුපියල් 331.66 ක් සහ විකුණුම් මිල රුපියල් 340.48 ක් වන අතර සම්පත් බැංකුවේ ගැනුම් මිල රුපියල් 331.25 ක් සහ විකුණුම් මිල රුපියල් 340.25 ක් ලෙස වාර්තා වේ.
කෙසේ වෙතත්, කොමර්ෂල් බැංකුවෙහි විනිමය අනුපාතයන් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර, එහි ගැනුම් මිල රුපියල් 329.80 ක් සහ විකුණුම් මිල රුපියල් 339.75 ක් ලෙස සටහන් විය.













