සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු ජනතාවට යළි සේවා ස්ථාන කරා පැමිණීම සඳහා අද (16) සිට කාර්යාල දුම්රිය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව ප්‍රධාන මාර්ගය, මුහුදුබඩ මාර්ගය ඇතුළු සියලු මාර්ගවල කාර්යාල දුම්රියන් සුපුරුදු කාලසටහනට අනුව ධාවනය කෙරෙනු ඇත.
මේ අතර, අද දිනයේ පෞද්ගලික බස් රථ ධාවනය 50%ක මට්ටමකින් පවත්වාගෙන යන බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය. හෙට (17) දිනයේ සිට බස් රථ සේවාවන් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කර ඇති අතර, මගී අවශ්‍යතාවය මත අතිරේක බස් රථ යෙදවීමට ද පියවර ගෙන තිබේ.














