බෙල්ලන්විල වැව ආසන්නයේ අතුරු ඇළ මාර්ගයක පාවෙමින් තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. නෙළුම් මල් කැඩීමට ගොස් කිඹුල් ප්‍රහාරයකට ලක්ව අතුරුදන්ව සිටියේ හොරණ කණන්විල ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි මදුර ජිනේන්ද්‍ර නමැති දෙදරු පියෙකි.
පසුගිය 27 වැනිදා නෙළුම් මල් කැඩීම සඳහා අදාළ ඇළ මාර්ගයට බැසීමෙන් පසු ඔහු අතුරුදන්ව තිබූ අතර, අද (29) දහවල් එම ස්ථානයට මීටර් 100ක් පමණ ඈතින් ඇළ මාර්ගයේ පාවෙමින් තිබියදී සිරුර සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි. මළ සිරුරේ හිස සහ පපු ප්‍රදේශයේ කිඹුල් ප්‍රහාරයට ලක්වීමේ සලකුණු දක්නට ඇති අතර, නුගේගොඩ අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් විසින් ස්ථානීය පරීක්ෂණ පවත්වන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
















