භාණ්ඩ ප්‍රවාහන ලොරි රථයක් යතුරුපැදියක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරුව මාර්ගයෙන් ඉවතට පැන වෙළෙඳසලක් ද කඩාගෙන පෙරළී යාමෙන් අද (17 වැනිදා) පස්වරුවේ බිහිසුණු රිය අනතුරක් සිදුව තිබේ. බෙන්තොට පොලිසිය සඳහන් කළේ මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු සහ ලොරි රථයේ රියැදුරු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.
ලොරි රථයේ රියැදුරුට රථය පදවන අතරතුර නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. අනතුරට පත් ලොරි රථයේ රියැදුරු කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, යතුරුපැදියේ ගමන් කරමින් සිටියදී තුවාල ලැබූ අනෙක් දෙදෙනා ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
අනතුර සම්බන්ධයෙන් බෙන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
















