27 April 2024
#දේශීය

Bileeta සහ USAID CATALYZE Sri Lanka Private Sector Development (PSD) එක්වෙයි

විශේෂ ආධාර වැඩසටහනක් හරහා ශ්‍රී ලංකාවේ නිසි සුදුසුකම් සපුරාලන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ERP (Enterprise Resource Planning) විසඳුම් ලබාදීම සඳහා, මෙරට ප්‍රමුඛතම ERP විසඳුම් සමාගමක් වන Bileeta සහ USAID CATALYZE Sri Lanka Private Sector Development (PSD) එක්ව කටයුතු කරමින් සිටී.

මූල්‍ය ආයතන, සාමූහික ව්‍යාපාර, වෘත්තීය සංගම් සහ ක්ෂේත්‍රය සමග සම්බන්ධතා පවත්වාගෙන යන වෙනත් පාර්ශ්වයන් සමග ගොඩනංවා ගන්නා හවුල්කාරීත්වයන් යටතේ මෙම විසඳුම් ලබාදීම සිදුකෙරේ.

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයට සාර්ථක ලෙස දියුණුව කරා යාමට මංපෙත් විවර කරදීම USAID CATALYZE Sri Lanka Private Sector Development (PSD) Activity PSD හි අරමුණ වී තිබේ. ශ්‍රම බලකාය තුළ සිටින කාන්තාවන් සවිබල ගැන්වීම, MSME කාණ්ඩයේ ව්‍යාපාර වල ශඛ්‍යතාවන් හා තරගකාරීත්වයන් නැංවීම තුළින් ආර්ථිකය සවිබල ගැන්වීම, එම කාණ්ඩයේ ව්‍යාපාර වලට මූල්‍ය පහසුකම් ලබාගැනීමට ඇති අවස්ථා වැඩිකිරීම සහ එම ව්‍යාපාර වලට අභියෝග වලට මුහුණ දීමට ඇති හැකියාව වැඩි කිරීම ආදිය මීට ඇතුළත් වී ඇත.

මෙරට ව්‍යාපාර අතරින් 52% ක්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වන නමුත් තාක්ෂණික දැනුම හා හැකියාවන් සීමිත වීම නිසා එම ව්‍යාපාර වලට දේශීය හා ජාත්‍යන්තර තරගකාරීත්වයට මුහුණ දෙමින් ඉදිරියට යාම දුෂ්කර වී තිබේ. මෙම හවුල්කාරීත්වය ඔස්සේ එම ව්‍යාපාර වලට විකුණුම් සහ ඉන්වොයිසි කටයුතු, තොග කළමනාකරණය, ගිණුම් හා මූල්‍ය කටයුතු, මිලදී ගැනීම් සහ වාර්තාකරණය යනාදී අංශ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට අත්වැලක් හිමිවනු ඇත.

මෙම හවුල්කාරීත්වයේ ආරම්භය වෙනුවෙන් Bileeta සහ PSD අතර හමුවක් පසුගියදා Aitken Spence Towers හි පිහිටි USAID CATALYZE Sri Lanka කාර්යාලයේදී පැවැත්විණි. PSD Activity Team Lead හුවාන් ෆොරේරෝ සහ Bileeta ප්‍රධාන විධායක නිලධාරී සංජී ද සිල්වා මෙම හමුවට සහභාගී වූහ.

“තාක්ෂණය නිසා ව්‍යාපාර වල ඉක්මන් දියුණුවක් ඇතිවෙන ආකාරය අප දැක තිබෙනවා. ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල දියුණුව ඉලක්ක කරගත් මෙවැනි වැඩසටහනක් වෙනුවෙන් PSD සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් ගෞරවයක්. අන් කවරදාටත් වඩා දැන් මෙම ව්‍යාපාර වලට අපගේ සහයෝගය අවශ්‍යයි. එබැවින් මෙම ව්‍යාපාර වෙනුවෙන් ERP විසඳුම් හඳුන්වා දීමට හැකිවීම මහත් සතුටක්.” සංජී ද සිල්වා මහතා පැවසී ය.

“තිරසාර ලෙස වේගවත් දියුණුවක් කරා යාමට පෞද්ගලික අංශයට අවස්ථාව සලසා දීම වැදගත් බව USAID Catalyze විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් අප Bileeta සමග හවුල්කාරීත්වයකට එළඹෙමින්, රටේ මූල්‍ය ආයතන සහ මහා පරිමාණ සමාගම්ද සම්බන්ධ කරගෙන සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ඉහළම තලයේ ERP විසඳුම් ලබාදීමේ වැඩසටහනක් දියත් කළා.” PSD හි Activity Team Lead හුවාන් ෆොරේරෝ මහතා පැවසී ය.

පිටපත -PR

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *