27 April 2024
#දේශීය

දැරියක් දුෂණය කළ පුද්ගලයකුට වසර 10ක සිරදඩුවමක් මාතලේ මහාධීකරණය නියෝග කරයි

මාතලේ දඹූල්ල වැවල ප්‍රදේශයේදි වසර 2008දි වයස අවුරුදු 16ක දැරියක් දුෂණයට ලක් කිරිමේ චෝදනාවට වරදකරු වු 74 හැවිරිදි විවාහක පුද්ගලයකුට වසර 10ක සිරදඩුවමක් නියම කිරිමට මාතලේ මහාධීකරණ විනිසුරු රෝහාන් ජයවර්ධන මහතා 05දා නියෝග කළේය.

මෙසේ දඩුවමට ලක් වුයේ දඹුල්ල වෑවල ප්‍රදේශයේ පදිංචි අයෙකුටය.

වරදට රුපියල් පන්දහසක දඩයක්ද වින්දිත දැරියට රුපියල් එකලක්ෂපනස්දහසක වන්දියක් ගෙවන ලෙසද මහාධිකරණය නියෝග කළේය.

දඹූල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දි මුලිකව මෙම නඩුව විභාග විමෙන් අනතුරුව මාතලේ මහාධීකරණයේදි මෙම දඩුවම නියම විය.

වරදකරු වු පුද්ගලයා දැරිය සිය නිවෙස තුළට ගෙන්වා බිය ගන්වා පිහියක් පෙන්වා තර්ජනය කර අතවරය සිදු කර ඇති බවද නඩු විභාගයේදි අනාවරණය විය.

2008 මැයි මස පස්වන දින සිදුවු සිද්ධිය වන විට මෙම දැරියගේ වයස දාහසයක් වන අතර දැනට ඇයට වයස අවුරුදු විසි තුනකි.මෙම අපරාධය සිදු කළ පුද්ගලයාගේ ඒ වන විට වයස අවුරුදු 64 ක විවාහක පුද්ගලයෙකි.

මෙම පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනිතිඥ නිෂාරා ජයරත්න මහත්මිය පෙනිසිටියහ.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *