වසර කිහිපයකට පසු අහසේ දිස්වන ‘නිල් සඳ’ (Blue Moon) නමින් හැඳින්වෙන සුවිශේෂී චන්ද්‍රයා අද රාත්‍රියේදී දැකබලා ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාවන බව වාර්තා වේ.
අභ්‍යාවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා සඳහන් කර ඇති පරිදි, මෙම දුර්ලභ තත්ත්වය සාමාන්‍යයෙන් දිස්වන්නේ වසර 19කට වරක් හෝ සෑම වසර දෙකකට වරක් පමණි. මේ හේතුවෙන් අද රාත්‍රියේ දිස්වන මෙම චන්ද්‍රයා නැරඹීමට තාරකා විද්‍යා ලෝලීන් දැඩි උනන්දුවකින් පසුවෙයි.
















