මහනුවර පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය තුළ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණය ගෙන ඇත.
මීට පෙර, පසුගිය ජූලි 07 වන දින ගාල්ල, මහමෝදර පිහිටි වසා දමා තිබූ පැරණි රෝහල් පරිශ්රයක කොටසක් තාවකාලික බන්ධනාගාරයක් ලෙස පවත්වාගෙන යාම සඳහාද අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී. මීගමුව බන්ධනාගාරයේ පසුගිය දිනවල හටගත් ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය තුළ පවතින තදබදය අවම කිරීම සහ රැඳවියන් කළමනාකරණය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.
















