මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගෙන් වැඩි පිරිසක් ගාල්ලේ පිහිටි මහමෝදර පැරණි රෝහල් පරිශ්‍රයට ස්ථානගත කිරීමට නියමිත බව වාර්තා වේ. දිගු කලක සිට වසා දමා තිබූ මහමෝදර රෝහල් ගොඩනැගිල්ල බන්ධනාගාරයක් ලෙස භාවිතා කිරීම සඳහා අතිවිශේෂ ගැසට් නිවේදනයක් (08) නිකුත් කර තිබේ.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. මෙම ගැසට් නිවේදනයට අනුව, අදාළ ස්ථානය “මහමෝදර” නමින් නව බන්ධනාගාරයක් ලෙස නම් කර ඇති අතර, එහි බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනු ඇත.
















