මීගමුව බන්ධනාගාරයේ පසුගිය දිනවල හටගත් ගැටුම්කාරී තත්ත්වයත් සමඟ එහි රඳවා සිටි රැඳවියන් අඛණ්ඩව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමේ කටයුතු සිදු කෙරේ. මෙම ක්‍රියාවලිය අතරතුර ඊයේ (08) දිනයේ කාන්තා රැඳවියන් අතර විරෝධතාවක් හටගෙන තිබුණි.
කෙසේ වෙතත්, පසුව එම තත්ත්වය සමථයකට පත් කිරීමට බලධාරීන් පියවර ගත් අතර, ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් වාරියපොළ සහ බෝගම්බර බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.
















