බොරලැස්ගමුව, ලියනගේ පාර ප්‍රදේශයේදී සිදු වූ දරුණු පහරදීමකින් 26 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය තරුණයා සහ ඔහුගේ සහෝදරයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසුව, සහෝදරයා විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමක් මෙම මරණයට හේතු වී ඇති බව පොලීසිය පවසයි. ඝාතනයට ලක් වූ තරුණයා බොරලැස්ගමුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ බොරලැස්ගමුව පොලීසිය, ඝාතනය සිදු කළ බවට සැකකෙරෙන 23 හැවිරිදි සහෝදරයාව වහාම ක්‍රියාත්මක වී අත්අඩංගුවට ගෙන තිබේ. පවුල් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුව ඇති බවට සැකකෙරෙන අතර, අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. බොරලැස්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.














