• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි ජනාධිපතිවරණයට ආණ්ඩුව මෙන්ම පක්ෂයද සුදානම් – ඇමති ප්‍රසන්න

21 May 2023
in දේශීය

ජනාධිපතිවරණයකට මුහුණ දීමට ආණ්ඩුව මෙන්ම සිය පක්ෂයද සුදානම් බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 19 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු රැස්වීමේදීය.

ඔහු අවධාරණය කරන්නේ ආණ්ඩුවේ සියළු පාර්ශව ඒ සඳහා සුදානම් බවයි. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට රටට වැඩ කළ රටට වැඩ කළ හැකි පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පැවසූ ඇමතිවරයා ඔහු අනිවාර්යෙන්ම මෙරට ඊළඟ ජනාධිපතිවරයා වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා ” මේ වනකොට රට මුහුණ දෙමින් සිටි ආර්ථික අර්බුදයෙන් ගැලවෙමින් තිබෙනවා. රටේ ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට පැමිණෙමින් තිබෙනවා. ඒකට හේතුව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගෙනගිය ආර්ථික වැඩපිළිවෙලයි. විපක්ෂය කකුලෙන් අදිද්දි තමයි අපි රටට මේ ජයග්‍රහණය ලබා දුන්නේ. රටේ ආර්ථික අර්බුදය විසදෙද්දි ජනතාවට අවශ්‍ය පරිදි තමන්ගේ පාලකයන් පත් කර ගැනීමට ඉඩ දීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අපි පක්ෂයක් විදියටත් ආණ්ඩුව විදියටත් රටට මේ ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්න ලෑස්තියි.රටේ ජනතාව ඉල්ලන්නේ ජාතික මැතිවරණයක්. ඒ අනුව ජනාධිපතිවරණයකට අපේ පක්ෂයත් ආණ්ඩුවත් සුදානම්. මේ ජනාධිපතිවරණයට අපි වැඩ කළ වැඩකළ හැකි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා. ඔහු තමයි අනිවාර්යෙන්ම මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වෙන්නෙත්. මොකද තවමත් අපේ රටේ ප්‍රගතිශීලි කඳවුර ඉන්නේ අපිත් එක්කයි. ජනාධිපතිවරණයක් ඉල්ලා කෑ මොර දුන්නට ජවිපෙ ඉතිහාසයේ වැඩි වාර ගනණක කරලා තියෙන්නේ ජනාධිපතිවරණ මඟ ඇරපු එක. ඔවුන් ඇත්තටම ජනාධිපතිවරණයකට බයයි. ජනතාව ඉදිරිපිට බොරු සුරංගනා ලෝක මැව්වට ජවිපෙ කියන්නේ ප්‍රායෝගික දැනුමක් තියෙන දේශපාලන පක්ෂයක් නෙමෙයි. මේ වෙනකොට පළාත් පාලන නියෝජිතයන්ගේ කාලය අවසන් වෙලා තියෙනවා. හැබැයි ගමේ ජනතාවට වඩා කිට්ටුම චරිතයක් තමයි පළාත් පාලන මන්ත්‍රීවරු. ජනතා සේවයෙන් තොරව මේ අයට ඉන්න විදියක් නෑ. රටේ නීති රීති තියෙනවා. ඒක ඇත්ත. නමුත් ජනතා සේවයට ඒවා බාධා නෙමේ. ඒ නිසා ගමේ මහජන සේවය නතර කරන්න එපා කියලා මම මේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලනවා. සුපුරුදු පරිදි ගමට ගිහින් ගමේ ඔබේ සේවය යළි ආරම්භ කරන්න යැයි අමාත්‍යවරයා පැවසිය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන,මිලාන් ජයතිලක,කෝකිලා හර්ෂණි ගුණවර්ධන, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුලිප් විජේසේකර ආසන සංවිධායකවරුන්,පලාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් හා නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Post Views: 11
Previous Post

පාඨලිලේ ජනරජ දා ‘ජනරජ පෙරමුණ’ එළි දැක්වීමට සුදානම්

Next Post

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුලත් කිරීම ගැන නිවේනදනයක්

editor

editor

Next Post

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුලත් කිරීම ගැන නිවේනදනයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved