එළැඹෙන වෙසක් පොහොය නිමිත්තෙන් පවත්වනු ලබන සියලුම වෙසක් දන්සැල් ලියාපදිංචි කිරීම අනිවාර්ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
තමන්ට ළඟම තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයෙන් මෙම දන්සැල් ලියාපදිංචිය නොමිලේ සිදුකළ හැකි බව ඒ මහතා සඳහන් කළේය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) ලබා දෙන උපදෙස් හා මඟපෙන්වීම් අනුව, ජනතාවට ඉතා සුරක්ෂිත හා සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් හෝ පානයක් පිළියෙළ කර දීමේ හැකියාව මෙයින් දන්සැල් සංවිධායකයින්ට හිමි වේ.
මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු පසුගිය මැයි මස 04 වැනි දින සිටම ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් මතක් කර සිටියි.














