එක්සත් ජනපදය සහ ඉරානය සටන් විරාමයකට එකඟ වී ඇති පසුබිමක, ඉරානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු ආසියානු වෙළඳපොළේ තෙල් මිල නැවත වරක් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ගෝලීය මිණුම් ලකුණක් වන බ්‍රෙන්ටි (Brent) බොරතෙල් බැරලයක මිල සියයට 3.45කින් ඉහළ ගොස් ඩොලර් 96.30ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම එක්සත් ජනපදයේ වෙළඳාම් වන ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිල ද සියයට 3.41කින් ඉහළ ගොස් ඇත්තේ ඩොලර් 93.85ක් දක්වාය.
















