නව දිල්ලියේ පැවැති බ්‍රික්ස් (BRICS) රටවල විදේශ අමාත්‍යවරුන්ගේ වාර්ෂික රැස්වීම නිම කරමින් ඉන්දියාව විසින් සභාපතිවරයාගේ ප්‍රකාශයක් (Chair’s Statement) නිකුත් කර තිබේ. මෙවර පොදු ඒකාබද්ධ ප්‍රකාශයක් වෙනුවට මෙවැනි ප්‍රකාශයක් නිකුත් කිරීමට හේතු වී ඇත්තේ මැදපෙරදිග පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාමාජික රටවල් අතර පවතින අදහස්වල විවිධත්වය බව වාර්තා වේ.
බ්‍රික්ස් සංවිධානයට බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඉතියෝපියාව, ඊජිප්තුව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දුනීසියාව ඇතුළත් වේ. ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පවතින දේශපාලනික හා යුදමය තත්ත්වයන් මෙම සාකච්ඡා මට්ටම් කෙරෙහි බලපෑමක් එල්ල කර ඇති බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම ඇමරිකාව සහ ඊශ්‍රායලය සමඟ පවතින ගැටුම්වලදී ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ප්‍රතිවිරුද්ධ ස්ථාවරයන්හි පසුවීම මෙලෙස පොදු එකඟතාවයකට පැමිණීමට බාධාවක් වී ඇත.
ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට රුසියාවේ සර්ජි ලැව්රොව් ඇතුළු සාමාජික රටවල විදේශ අමාත්‍යවරුන් රැසක් සහභාගී වූහ.














