27 April 2024
#දේශීය

අයවැය 2023 තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අදයි

විසර්ජන පනත් කෙටුම්පත 2023 වසර සඳහා අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්විමට නියමිතයි.

අයවැය සඳහා ඡන්ද විමසීම ප.ව 5.00ට ආරම්භ වෙයි. කාරක සභා අවස්ථාවේ විවාදය දින 13 වන අද දින මුදල්,ආර්ථික ස්ථාපීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනේ.

2023 වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ සමාරම්භක කථාව (අයවැය කථාව) ජනාධිපති සහ මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නොවැම්බර් (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව නොවැම්බර් 15 දින සිට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඇරඹිනි. විසර්ජන පනත් කෙටුම්පත 2023 දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් (22) සිදු විය . අයවැය දෙවැනිවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 121 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 84 ලැබුණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *