බස් රථවල ගමන් ගාස්තු කාඩ්පත් මඟින් ගෙවීමේ පහසුකම ඉතා ඉක්මනින් මගීන්ට හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මගීන්ට වැඩි පහසුකම් සැලසීම සහ පෞද්ගලික අංශය සමඟ ධනාත්මක තරගකාරීත්වයක් ඇති කිරීම මෙම නවීන පියවරේ අරමුණ බව ඒ මහතා සඳහන් කළේය. මහජන ප්‍රවාහන සේවාව පරිවර්තනයකට ලක් කර මගීන්ගේ ගමන් අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා ක්‍රියාත්මක කරන නව ක්‍රමවේද අතරට මෙම නවීන ගෙවීම් ක්‍රමයද ඇතුළත් වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.














