ශ්‍රී ලංකාව තුළ බලපත්‍ර රහිතව පවත්වාගෙන යනු ලබන මාර්ගගත සූදු වෙබ් අඩවි 146ක් අවහිර කරන ලෙස සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ට උපදෙස් ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
නීතිවිරෝධී මාර්ගගත සූදු ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, අදාළ වෙබ් අඩවි වෙත දිවයින තුළින් ප්‍රවේශ වීම සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට නියමිතය. 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන හා බලතල ප්‍රකාරව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන තිබේ. වලංගු බලපත්‍රයකින් තොරව අන්තර්ජාල සූදු සේවා පවත්වාගෙන යාම හෝ ඒවා ප්‍රවර්ධනය කිරීම නීතිවිරෝධී වරදක් බව අධිකාරිය පෙන්වා දෙයි.














