• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මේ වසර අවසන්වනවිට විදුලිය ලබාදීම සියයට සියයකින් අවසන් කරනවා – අගමැති

5 March 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මේ වසර අවසන්වන විට මෙරට විදුලිය ලබා දීමේ වැඩ පිළිවෙල සියයට සියයකින් අවසන් කිරීමට බලාපෙරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (05) කෙරවළපිටියේ ඉඳිවන ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 350ක් එක්වන මෙම විදුලි බලාගාරයේ පළමු අදියරේ කටයුතු මාස 21ක් තුළ නිමා කිරීමට නියමිතය. එම අදියරේ දී මෙගාවොට් 220ක් ද තවත් මාස 12ක් තුළ අවසන්වන මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ දී මෙගාවොට් 130ක් ද ජාතික විදුලිබල පද්ධතියට එක්වීමට නියමිතය.

පළමු ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා කළ සම්පූර්ණ කතාව මෙසේය. ” අප රට භාරගෙන ටික දවසක් යන්න කළින් “කොරෝනා වසංගතයට” මූණ දෙන්න වුණා. බලවත් රටවල්වලට වඩා හොඳින් අපි එය කළමනාකරණය කළා. ඉන් නොනැවතී අප ඉදිරියේ පවතින සියලු අභියෝගවලටද වගකීමෙන් යුතුව මුහුණ දෙනවා.

පසුගිය යහපාලන ආණ්ඩුව සංවර්ධන කටයුතු කළේ නැහැ. අපි ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතීනුත් නතර කළා. වසර 5කට ආසන්න කාලයක් රට සංවර්ධනයෙන් ආපස්සට ගියා.

රටත් ජනතාවත් වෙනුවෙන් අප නැවතත් සංවර්ධනයේ යෝධ පිම්ම ආරම්භ කරල ඉවරයි.

ලෝකෙම අද තීන්දු ගන්නේ බලශක්තියට ප්‍රමුඛතාවය දීලා. ඒ තරමට අපේ ජීවිතවලට බලශක්තිය වැදගත්.

බලශක්ති ක්ෂේත්‍රයේ සිදු විය හැකි අර්බුද ගොඩක් කළින් දැක්ක නිසයි ජල විදුලිය ගැන පමණක් විශ්වාස නොතබා ගල්අඟුරු බලාගාරය නොරොච්චෝලේ අපි ඉදිකළේ. ඒකට විවිධ කතා කිව්වත්, කටකතා හැදුවත් පසුගිය කාලයේ ඇති වූ මහා නියඟයන් ජයගන්න ඒක මහා පිටු බලයක් වුණා.

අපි එතනින් නැවතුණේ නෑ. සුළං බලාගාර, තාප බලාගාර සහ පසුගියදා විවෘත කළ ඝණ අපද්‍රව්‍ය බලාගාරය වගේම සූර්ය ශක්තිය මගින්ද දේශය බලගන්වන වැඩ පිළිවෙල දියත්කළා. ජනතාවට අඩු වියදමින් විදුලිය ලබා දීමටයි අපි මේ හැමදේම කරන්නේ. ‍

ලෝකයේ පවතින ඉහළම තාක්ෂණය යොදාගෙන අද සිට ඉදිවන්නේ මෙගාවොට් 350ක ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරයයි. මේක මේ රටේ බලශක්ති නිෂ්පාදනයේ යෝධ පිම්මක්.

අපි හැමවිටම ලංකාවේ බලශක්ති නිපදවීම් සඳහා නව ක්‍රමවලට ගියා. ප්‍රථම ගල් අඟුරු බලාගාරය, ප්‍රථම තාප බලාගාරය, ප්‍රථම සුළං බලාගාරය, ඒ විතරක් නෙවෙයි පසුගියදා අපි විවෘත කළේ ප්‍රථම ඝණ අපද්‍රව්‍ය බලාගාරයයි.

මේ වන විට අපි අපේ විදුලිබල පද්ධතිය පෝෂණය කරමින් සිටිනවා. අද මේ බලාගාරය අරඹන්නෙත් ලංකාවේ ප්‍රථම ද්‍රව වායු (LNG) බලාගාරය ලෙසයි. අපි ප්‍රථමයා වුණේ වැඩවලින් මිස කථාවෙන් නොවෙයි. අපේ රජයන් පුරුදු වෙලා ඉන්නේ වැඩ කරන්නයි. ජනතාව අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒකයි අපිට බලය දෙන්නේ.

මේ බලාගාරය මාස 21ක් වැනි කාලයක් තුළ පළමු අදියර නිමා කරන බව විදුලිබල අමාත්‍යංශය මා සමග පැවසුවා. පළමු අදියරේදි මෙගා වොට් 220ක් එමගින් නිපදවීමට අපේක්ෂා කරනවා.

නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වූ අතිදක්ෂ දේශීය ඉංජිනේරුවන් ගැන විශ්වාසය තියල ඔවුන්ට සම්පූර්ණ වගකීම පැවරුවොත් එය ඉටු කරන්න පුළුවන්. දෙවන අදියර වසරකින් අවසන් කරනවා. දෙවන අදියර මගින් මෙගා වොට් 130ක් නිපදවීමට අපේක්ෂා කරනවා. ඉදිරි වසර 4 තුළ මෙරට බලශක්ති අවශ්‍යතාව සම්පූර්ණයෙන් සපයන්න අපි කටයුතු කරනවා.

අද කෙරවලපිටියේ ඉදිකිරීම් අරඹන පරිසර හිතකාමී ස්වභාවික ද්‍රව වායු (LNG) විදුලි බලාගාරය මෙරට විදුලි ඉල්ලුමෙන් 13%ක් සම්පූර්ණ කරනවා. මේක තමයි රටක දියුණුව කියන්නේ. අපි සංවර්ධනයේදී ජාතික ප්‍රමුඛ අවශ්‍යතා හඳුනා ගත යුතුයි.

එහෙම නැතුව එක එක්කෙනාගේ පෞද්ගලික අවශ්‍යතා මත ජාතික වැඩ පිළිවලක් ගොඩනගන්න බෑ.
අපි රට බාරගෙන කෙටි කාලයකින් විදුලි බලාගාර 03ක් ජාතියට දායාද කරල ඉවරයි. වැඩ ආරම්භ කරල අතරමග නවතා දමපු, කිසිවක් දේශපාලන පටු පරමාර්ථයෙන් නවත්වන්නේ නෑ. ඒ සියල්ල ඊටත් වඩා හොඳින් කඩිනමින් අවසන් කිරීම අපේ දැක්ම වෙලා තියෙන්නේ.

විදුලිබිල අඩු කරමින් ජනතා සහනය ලබාදීමට මේ මගින් හැකි වෙනවා. වේගවත් සංවර්ධනයේ නියමුවා බලශක්තිය බව ලෝකය ඉදිරියේ අද ඔප්පු කරල හමාරයි. අඛණ්ඩ විදුලි සැපයුම රජයක වගකීමක් ලෙස මම දකිනවා.

 ලං.වී.ම(ලංකා විදුලිබල මණ්ඩලය) ජනහදට ලංවීමට මෙවැනි ව්‍යාපෘති විශාල පිටිවහලක් වෙනවා. ඒකට අපි සූදානම්.

අපි මේ වන විට මේ රටේ 99.8%කට විදුලිය ලබා දිලා තියෙනවා. තව අපිට ඉතුරුවෙලා ඉන්නේ 84 000ක් පමණ පිරිසක්. අපි මේ වසර අවසන්වන විට මෙරට විදුලි ලබා දීමේ වැඩ පිළිවෙල 100% කින් අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.

පහුගිය කාළේ අපිට මතකයි මොනතරම් විදුලි කප්පාදු විම් සිදුවුණාද කියලා, ඔවුන්ට ඒ කිසිවක් ගැන හැඟීමක් තිබුණ කියල පෙනුනෙ නෑ. තාක්ෂණය මගින් විදුලිය සම්බන්ධ සියලු ගැටළු පාරිභෝගිකයාව දැනුවත් කිරීමට පහසුකම් සැලසීමත් අපි ආරම්භ කළේ අනාගතයේ වේගවත් සංවර්ධන සඳහා බලශක්තිය අත්‍යවශ්‍ය වෙන නිසයි.

මිනිසාගේ මූලික අවශ්‍යතා ලේඛනයේ මුල් අංක අතරට විදුලිබලය තීන්දුවෙලා තියන මොහොතක අපේ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා විදුලි වේගෙන් වැඩකරන එක අපිට මහත් ශක්තියක්.
“මහින්ද චින්තන” ඉදිරි දැක්ම යථාර්ථයක් කරමින් “සෞභාග්‍යයේ දැක්ම” තුළින් වැඩකරන රටක් උරුමකර දීම අපගේ එකම අභිලාශයයි.

ඔබ සැමට තෙරුවන් සරණයි! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලන්සා, විදුලිබල අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත්, ලක්දනවි සමාගමේ සභාපති ඉංජිනේරු යූ.ඩී ජයවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 1
Previous Post

එක්සත් ජනපද පැසිෆික් කලාපයේ ගුවන් ප්‍රධානියා ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් හමුවෙයි

Next Post

පාස්කු ත්‍රස්ත ප්‍රහාරකයින්ට දඩුවම් දෙනවා – ජනපති ගිරිබාවදී කියයි

editor

editor

Next Post

පාස්කු ත්‍රස්ත ප්‍රහාරකයින්ට දඩුවම් දෙනවා - ජනපති ගිරිබාවදී කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
තුසිත හල්ලොලුව මහතා CIDයට

තුසිත හල්ලොලුව මහතා CIDයට

15 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

15 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

23කට දිවි අහිමි කළ අනතුරේ හේතුව සොයා තවත් කණ්ඩායමක් කොත්මලේට

15 May 2025
කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව  – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

කොටහේනේ සියදිවි නසා ගත් දැරිය සම්බන්ධව – මවගෙන් සාක්ෂි සටහන් කර ගනී

15 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved