යාපහුව පුරාවිද්‍යා භූමිය පූර්ණ පහසුකම් සහිත විකල්ප සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ දැවැන්ත සංරක්ෂණ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ නිල උත්සවය හෙට (16) පෙරවරු 11.00 ට යාපහුව පුරාවිද්‍යා භූමියේදී පැවැත්වීමට නියමිතය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, සංචාරකයින් සඳහා අවශ්‍ය ප්‍රවේශපත්‍ර කවුළු, රථගාල්, තොරතුරු මධ්‍යස්ථාන සහ නවාතැන් පහසුකම් ඇතුළු අංග රැසක් මෙම ඒකාබද්ධ වැඩපිළිවෙළ යටතේ ස්ථාපනය කරන බවයි. යාපහුව ප්‍රදේශය දේශීය හා විදේශීය සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වී තිබේ.














