2027 මුදල් වර්ෂය සඳහා වූ අයවැය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ඒ අනුව, 2027 මුදල් වර්ෂය සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.
මෙම 2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2026 ජුනි මස 30 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබූ අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති අදාළ පනත් කෙටුම්පත සඳහා මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.














