දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හමුවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පවුල් 50,176කට අධික සංඛ්‍යාවකට අයත් පුද්ගලයින් 163,869ක් පීඩාවට පත්ව සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම වියළි කාලගුණයත් සමඟ මතුව ඇති දැඩි ජල හිඟය හේතුවෙන් පවුල් 43,586කට අයත් පුද්ගලයින් 142,236ක් වෙත මේ වන විට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීමේ සහන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.














