ප්‍රජා පාදක විශෝධන (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර තිබේ.
නැවත නැවත අපරාධ සිදු කරන වැරදිකරුවන් සම්බන්ධයෙන් වඩාත් ඵලදායී ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අදාළ විධිවිධාන යාවත් කාලීන කරමින් 1999 අංක 46 දරන ප්‍රජා පාදක විශෝධන පනත සංශෝධනය කිරීම සඳහා 2025 වසරේ අප්‍රේල් 07 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී අනුමැතිය පරිදි, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇති අතර, ඒ අනුව අදාළ සංශෝධන පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මෙලෙස හිමිව තිබේ.














