පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් වෙන් කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ පවතින නීතිමය ගැටලු විසඳා ගැනීමෙන් අනතුරුව වහාම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. මේ අතර, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් අතර විශේෂ හමුවක් අද (26) කොළඹදී පැවැත්විණි.














