ඇමෙරිකාව සහ කැනඩාව අතර පවතින වෙළඳ යුද්ධය සහ තීරුබදු අර්බුදය උග්‍රවීම හමුවේ, ඔන්ටේරියෝ හි වින්ඩ්සර් සහ මිචිගන් හි ඩෙට්‍රොයිට් යා කෙරෙන ඩොලර් බිලියන 4.7ක් වටිනා ‘ගෝඩි හෝව්’ (Gordie Howe) ජාත්‍යන්තර පාලම ඇමෙරිකානු නිලධාරීන්ගේ සහභාගීත්වයකින් තොරව විවෘත කිරීමට කැනඩාව පියවර ගෙන තිබේ.
කැනඩාවේ සම්පූර්ණ වියදමින් ඉදිකරන ලද මෙම පාලම විවෘත කිරීමේ උත්සවයට ඇමෙරිකාවට කළ ආරාධනාව කැනඩාව විසින් අවලංගු කර ඇත්තේ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැනේඩියානු භාණ්ඩ සඳහා 50%ක නව තීරුබදු පනවන බවට තර්ජනය කිරීම සහ පාලමේ ගාස්තු (tolls) බෙදාගැනීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වය හේතුවෙනි. කෙසේ වෙතත්, පාලම ඉදිකිරීමට ගිය සම්පූර්ණ පිරිවැය පියවන තෙක් ආදායම බෙදාගත නොහැකි බව කැනඩාව පවසද්දී, පාලමේ ලාභයෙන් 50%ක් ඇමෙරිකාවට හිමිවිය යුතු බවට ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














