යේමනයේ රතු මුහුදු තීරයේ පිහිටි ප්‍රධාන වරාය නගරයක් වන ‘හෝඩෙයිඩා’ (Hodeidah) ඉලක්ක කරගනිමින් සවුදි අරාබිය ප්‍රමුඛ හමුදා සන්ධානය විසින් ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව හෝති පාලනය යටතේ පවතින ‘අල් මසීරා’ (Al Masirah) පුවත් සේවය වාර්තා කරයි.
සවුදි අරාබියට එරෙහිව රතු මුහුදේ නාවික බාධක පනවන බවට ඉරාන හිතවාදී හෝති සංවිධානය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මෙම ප්‍රහාර එල්ල වී තිබේ. ඉරානය සමඟ ඇමෙරිකාව පවත්වන යුදමය වාතාවරණය හමුවේ, හෝති සංවිධානය විසින් රතු මුහුදේ සවුදි නෞකා සහ වරාය ඉලක්ක කිරීමට ගත් උත්සාහයට ප්‍රබල ප්‍රතිචාර දක්වන බව සවුදි ප්‍රමුඛ හමුදා සංධානය මීට පෙර අවධාරණය කර තිබුණි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














