• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රටටම විදුලිය බෙදන්න නඩුකුඩා සූදානම් – ඇමැති ඩලස්

18 July 2021
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නඩුකුඩා තම්බපවනි ජාලක උපපොළ, අනාගතය වෙත ඇතිරෙන බුමුතුරුණක් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම සුලං විදුලි බලාගාරය වන මන්නාරම තම්බපවනි බලාගාරය මගින් නිපදවෙන විදුලිය ශ්‍රී ලංකාවේ ජාතික විදුලි පද්ධතිය වෙත එක් කිරීම සඳහා රුපියල් මිලියන 1400 ක වියදමින් මන්නාරම නඩුකුඩා ප්‍රදේශයේ ඉදිකරණ ලද මන්නාරමේ කිලෝමීටර 30 ප්‍රදේශයක් පුරා විහිදුනු කිලෝවොට් 220 සම්ප්‍රේශණ පද්ධතියකින් ද සමන්විතව ග්‍රිඩ් උපපොල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “ අපි නඩුකුඩා තම්බපවනි ජාලක උපපොළ විවෘත කරන්නේ අනාගතයවෙත ඇතිරෙන බුමුතුරුණක් ලෙස අතුරමින්. විශේෂයෙන් ලංකා විදුලිබල මණ්ඩලය හා පුණර්ජනනීය බලශක්තිය පිළිබඳව අද ලංකාවේ විශාල කතිකාවතක් තිබෙනවා. 2030 දී සියයට හැත්තෑවක් පුණර්ජනනීය බලශක්තියෙන් සමන්විත වෙන්නට අවශ්‍ය බව ජනාධිපති තමන්ගේ මැතිවරණ ප්‍රකාශණයේ මුද්‍රවක් තබණු ලැබුවා. මම විශ්වාස කරණවා මේ ග්‍රිඩ් උපපොළ විවෘත වෙන්නේ ම පුණර්ජනනීය බලශක්තීන් අවශෝෂණය කර ගැනීම සඳහා කියන කාරණය. අද සතුටුවෙන අනුස්මරණය කරණ දවසක් වගේම මේ ලියලා තියෙන්නෙ එහි පලවෙනි පරිච්චේදයයි. රචනාව මෙතැනින් නිමාවෙන්නේ නෑ රචනාව මෙතැනින් සම්පූර්ණ වෙන්නෙත් නෑ, ඊලඟ පරිච්චේද ටික එකතුවුනේ නැත්නම්, ඒ රචනාව කිසිකෙනෙක්ට තෙරුම් ගන්නත් බෑ . ඒනිසා මමත් කියන්නේ තම්බපවනි බලාගාරය කියලා කියන්නේ ශ්‍රී ලාංකීය රාජ්‍ය පුනර්ජනනීය බලශක්තිය සොයායන ගමනේ එක් නැවතුම් පොළක් මිස අවසන් නැවතුම්පල නොවන බවයි.

ඩීසල් වලින් එක කිලෝවෝට් පැය එකක් හදන්න රුපියල් තිහක් වැයවෙනවා, ඒ කිලෝවෝට් පැය එකක් සුලගින් හදන්න වැයවෙන්නේ රුපියල් අටයි. එක කිලෝවොට් හදන එම වෙනස රුපියල් විසිදෙකයි. මෙතැන විතරක් ඒකක මිලියන කීයක් ජනනය කරනවා ද යන්න ගණනය කර බලන්න. මම මාධ්‍යවේදී මිත්‍රයන්ගෙන් ඉල්ලිමක් කරණවා. මෙය මොනතරම් විශාල මුදලක් දැයි හතලා බලන්න. අපි ජාතියක් විදියට අදිශ්ථාන කරගත යුතුයි සරලව ක්ෂණිකව නොව ඒ මාවතට අපි අවතීර්ණ වෙන්නට ඕනි. ලංකාවේ භූගෝලීය වශයෙන් ගතහොත් මේ සෑම මූලාශ්‍රයක්ම අපේ රටේ තියෙනවා. ප්‍රධාන ජලවිදුලිය ඒ ස්ථාන සීමිත

වෙමින් යනවා. ඒතු සුලං නැත්තේ කොහේ ද ? හිරු එලිය නැත්තේ කොහේ ද ? මූලාශ්‍රවල හිගයක් අපට ඇත්තේ නෑ ඒත් තාක්ශණයේ හිගයක් අපට තියෙනවා. ගබඩා හිගයක් තිබෙනවා. ඒ අඩුපාඩුකම් තිබෙනවා. අපි කණ්ඩායමක් විදියට මෙන්න මේ අඩුපාඩු හදාගන්න කටයුතු නරමින් ඉන්නවා. ඒ ගමනේ පෙරමුණේ ගමන් කිරීමේ වගකීම තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි ලංකා විදුලිබල මණ්ඩලයට කියලයි මම හිතන්නෙ. එ්ක අපට කරන්න පුළුවන් කියලා ඔබ ඔප්පු කරලා තිබෙනවා. මේ ජීවමාන එක උදාහරණයක් විතරයි. සියලු ශක්තීන් හැකියාව අපසතුව පවතිනවා ඒවගේම චින්තනය අපසතුව පවතිනවා. ඔබ නැවත නැවතත් එය ඔප්පු කරලා තියෙනවා. ඒනිසා මම ඔබට සුභ පතනවා.

කාලයේ නාස්තිය අපි නැතිකරගැනීමට අවශ්‍යයි. ඒ නිසා කඩිනමින් වසර තුනක සැලැස්මක් ඇතුලේ මාසිකව ඉලක්ක හඹාගෙන ගිහිල්ලා ඔබට බැරි අභියෝගයක් තිබෙනවා නම් ජනාධිපති තුමා පෞද්ගලිකව එයට මැදිහත් වීමට සූදානම්. වසර තුනක් ඇතුලේ මන්නාරම ඉතුරු බලාගාර විතරක්

 

නෙවෙයි පුනරීන් සුලං බලාගාර විතරක් නෙවෙයි සියඹලාන්ඩුවේ ඉඳලා අපි සැලසුම් කරපු මේ සියලුම බලාගාරවල කටයුතු අවසන් කරලා ජාතික බලශක්ති පද්වතිය මත හරිත මුද්‍රාව තිබිය යුතුයි කියලා ඔබට යෝජනා කරණවා. එක පැත්තකින් ‍කොරෝනා නැමති විශ්වීය මාරයා පරාජය කරන්නට සටන්වදින අතරේම අනෙක් පැත්තෙන් ආර්ථිකයත් සමග සටන් කරන අතරේ අපි විදුලිබල මණ්ඩලය විදියට මේ හැමදේකටම දෙන්න පුළුවන් ශක්තිය අපේ පැත්තෙන් ආර්ථිකයට සැහැල්ලුවක් දෙන්න පුළුවන් ක්‍රම උපායන් හොයාගෙන යන එකයි. අනාගත දරුවන්ට නීල වර්ණ පරිසරයක් දායාද කරන එකයි.

මගේ මැතිවරණ ව්‍යාපාරය 1994 දී ආරම්භ කරද්දී මම එය ආරම්භ කරේ ශ්‍රී ලංකාවේ පලවෙනි හරිත මැතිවරණ ව්‍යාපාරය විදියටයි. පෝස්ටර් අලවන්නේ නැතුව කටවුට් ගහන්නේ නැතුව රතිඥ්ඥා පත්තුකරන්නේ නැතුව අරක්කු ටිකක් දෙන්නේ නැතුව සංගීතයක් පවත්වන්නේ නැතුව කොහොමද මනාපය ලබාගන්නේ කියලා මගේ මිත්‍රයෝ මගෙන් ඇහුවා පුංචි ආගන්තුක තරුණයෙක් විදියට අනූහතරේ මම මේ අභියෝගය භාරගත්තා. ජනප්‍රිය මැතිවරණ රැල්ලේ කිසිදු ප්‍රකාශිත ලක්ශණ කිසිවක් මගේ මැතිවරණ ව්‍යාපාරයේ තිබුනේ නෑ. හැබැයි මම අපේ පක්ෂවල වගේම සහෝදර අනෙක් පක්ෂ වල සහෝදර මිත්‍රයන්ගෙන් ඉල්ලීමක් කළා අපි එකම මැතිවරණ වේදිකාවට ආවා. සියලුම පරස්පරයන් අමතක කරලා මම ඔවුන්ගෙන් කළේ එකම ඉල්ලීමයි. ඒ තමයි දකුණේ සාරවත් පසට නොදිරන පොලිතීන් වෙනුවට නොදිරන දේශපාලන මතවාද රැගෙන එන්න. මගේ ඉල්ලීම වුනේ මෙයයි. ඒ නිසා අපි සාරවත් ශ්‍රී ලාංකීය මහපොලොවට මීට වඩා සාරවත් ලෙස අපේ දූපුතුන් ට මුණුබුරු මිණිබිරියන්ට තිළිණ කිරීම සඳහා විදුලිබල මණ්ඩලය විදියට ආයතන සියල්ලම එකතු වෙලා අපේ පුනර්ජනනීය බලශක්ති ය මගින් එය ඉටු කිරීමට කැපවන මෙන් මම ඉල්ලා සිටිනවා.

මන්නාරම මුලතීවු සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර්මස්තාන්, වවුනියා සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසිංහම් දිලීපන්, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත්, ලංකා විදුලිබල මණ්ඩලයේ උපසභාපති නලින්ද ඉලංගකෝන් සාමාන්‍යාධිකාරි කුමුදුනී හේරත් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් හා ජනතා නියෝජිතයෝ පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

 

Post Views: 3
Previous Post

විදේශ විනිමය උපයා දෙන තැනක් බවට කහටගහ පතල පත්කල යුතුයි – ඇමැති විමල්

Next Post

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය කරන්න ආණ්ඩු පක්ෂය සුදානම්

editor

editor

Next Post

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පරාජය කරන්න ආණ්ඩු පක්ෂය සුදානම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved