මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසනවා.ගතවූ පැය 24 තුළ මාවුස්සාකැලේ ජලපෝෂක ප්‍රදේශවලට මිලිමීටර් 25ක වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, එම ජලාශය පිටාර මට්ටමට පැමිණීමට ඉතිරිව ඇත්තේ අඩි 31 ක් සහ අඟල් 2 ක් පමණක් බවයි විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කළේ.කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට අඩි 16 ක් සහ අඟල් 2 ක් පවතින බවත්, අද (02) දින උදෑසන 6:00 වන විට එම ජලපෝෂක ප්‍රදේශවලට මිලිමීටර් 26ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළා.














