ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට ගෙන්වා ප්‍රශ්න කරමින් සිටින, රත්මලාන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලබාදුන් තොරතුරු මත, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැදගත් සොයාගැනීමක් සිදුකර තිබේ.
මෙම සැකකරු රඳවාගෙන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අපරාධ බුද්ධි හා බුද්ධි විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. විමර්ශන නිලධාරීන් විසින් සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත, 2026 ජූනි මස 02 වැනි දින හොරණ ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගැනීමට හැකි විය.
සොයාගත් භාණ්ඩ අතර පහත දෑ ඇතුළත් වේ:
විදේශීය නිෂ්පාදිත පිස්තෝලයක්
එම මැගසින් එකක්
මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 04ක්
මෙරට නිෂ්පාදිත මිලිමීටර් 09 වර්ගයේ උණ්ඩ 14ක්
මිලිමීටර් 09 වර්ගයේ මැගසින් එකක්
7.6 mm උණ්ඩ 03ක්
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අපරාධ බුද්ධි හා බුද්ධි විමර්ශන අංශය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
















